කිලිනොච්චිය මිනච්චි කෝවිලේ පූජාවකට පැමිණි පුද්ගලයෙකු විසින් පූජාව පවත්වන ලද පූජකයායේ ගෙල බැඳි රන් මාලය කොල්ල කා ඇති බව වාර්තා වේ.
70 හැවිරිදි ව්‍යෝවෘද්ධ කාන්තාවක් කෝවිලේ පූජාවක් පවත්වමින් සිටිය දී එම ස්ථානයට පැමිණි කොල්ලකරුවෙකු විසින් මෙලෙස එම කාන්තාවගේ ගෙල බැඳි මාලය කොල්ල කා ඇති බව සඳහන් වේ.
කොල්ලකරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කිලිනොච්චිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.














































