දකුණු කොරියානුවන්ගේ වයස අද (28) සිට වසරකින් හෝ වසර දෙකකින් අඩු වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට හේතු වී ඇත්තේ ඔවුන් සාම්ප්‍රදායික වයස ගණනය කිරීමේ ක්‍රමවේදය අතහැර මෙලොව උපත ලද දිනයේ සිට වයස ගණනය කිරීමයි.
දකුණු කොරියානු සම්ප්‍රදායට අනුව ඔවුන් මෙතෙක් වයස ගණනය කරනු ලබන්නේ මව්කුස පිළිසිදගත් දින සිට හෝ ජනවාරි පළමු වනදා සිටයි.
මෙම ක්‍රමවේදය හරහා ජාත්‍යන්තර කටයුතුවලදී ගැටලු රැසකට මුහුණදීම හේතුවෙන් ඔවුන් මෙම නව ක්‍රමවේදයට අවතීර්ණ වී තිබේ.















































