මාලදිවයින ආසන්න සාගර කලාපයේ සිට දිවයිනට ළඟා වෙමින් තිබූ මත්ද්‍රව්‍ය රැගත් බෝට්ටුවක් සමඟ සැකකරුවන් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
ඉරාන ජාතිකයන් 6 දෙනෙකු සහ පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් සන්තකයේ තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් ග්‍රෑම් 926 ක් සොයා ගත් බව සඳහන් වේ.
නාවික හමුදා භාරයට ගත් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් පිරිස කොළඹ වරාය වෙත රැගෙන විත් ඉදිරි විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාර දී තිබේ.














































