හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනයේ සංචාරයක නිරත වී එහි උත්සවවලට සහභාගී වූ බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ ආරාධනයකට අනුව මෙලෙස යාපනයේ සංචාරයක නිරත වී ඇති බවත් , අද (29) සිට දින 3 ක කාලයක් මෙම සංචාරයේ නිරත වන බවත් , එහිදී විවිධ ප්‍රසිද්ධ උත්සව සහ රැස්වීම්වලට සහභාගී වීමට නියමිත බවත් සඳහන් වේ.
එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා නල්ලූර් කන්දස්වාමී විහාරස්ථානයේ පොල් ගසා වන්දනාමාන කටයුතුවලද නිරත වූ බව වාර්තා වේ.














































