නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 30 දෙනෙකු සහ හදිසි අනතුරු අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් 20 දෙනෙකු මේ වන විට රට අතහැර ගොස් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම ගැටලුව හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම ද ගැටලුවක් වී ඇති බවත් , විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ 30 දෙනෙකු අසාදු ලේඛනගත කර ඇති බවත් සඳහන් වේ.














































