කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ජපානයේ නරීටා බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.
මෙලෙස ජපානය බලා ගමන් කිරීම සඳහා පිටත් වූ මෙම ගුවන් යානයේ තිබූ කාර්මික දෝෂය හේතුවෙන් පැය 2 මිනිත්තු 25 ක කාලයක් කටුනායකට ඉහළ අහසේ සැරිසැරීමෙන් අනතුරුව යළි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව සඳහන් වේ.
මෙය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු A330 – 300 එයාර් බස් වර්ගයේ විශාලතම ගුවන් යානයක් වන අතර UL – 455 දරන මෙම ගුවන් යානයේ ගුවන් මගීන් සහ කාර්‍ය මණ්ඩලය 301 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බව වාර්තා වේ.
පසුව එම ගුවන් මගීන් වෙනත් ගුවන් යානයක් මගින් පිටත් කර යැවීමට ගුවන් තොටුපොළ කාර්‍ය මණ්ඩලය පියවර ගත් බව සදහන්.














































