මෙරට ළමයින්ගේ ළමා අයිතිවාසිකම් සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය ප්‍රධානත්වයෙන් ව්‍යාපාරික කවුන්සිලයක් කොළඹදී එළි දැක්වූ බව වාර්තා වේ.
ළමයින්ගේ සහ තරුණයින්ගේ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා උපාය මාර්ගික විවිධ මුලපිරීම් සහ සහයෝගීත්වය ආදී ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම ඔවුන්ගේ සාමුහික ප්‍රවීණත්වය , නායකත්වය , සමාජ වගකීම් වෙනුවෙන් ලබාදෙන දායකත්වය සඳහා අවකාශය සලසා දීම මෙහි අරමුණ බව සඳහන් වේ.
එමෙන්ම මෙමඟින් මෙරට ළමා අයිතිවාසිකම් සහ ළමා හා තරුණ ප්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් ඇප කැප වී ක්‍රියාකිරීම සිදු කරනු ලබයි.
මෙයට පෞද්ගලික අංශය , ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් විසින් දායකත්වය ලබා දී ඇති බව වාර්තා වේ.














































