කටාර් ගුවන් සේවයට ගුවන් සේවක සේවිකාවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව ශ්‍රී ලංකාවටත් හිමිව ඇති බව වාර්තා වේ.
මේ සඳහා සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන් හට ජුලි 31 වනදා දක්වා අයදුම් කළ හැකි අතර මේ සඳහා අවම අවුරුදු 21 ක් විය යුතු බවත් , ඉංග්‍රීසි භාෂාව හොඳින් හැසිරවීමට සහ ලිවීමට හැකියාව තිබිය යුතු බවත් , උසස් පාසල් අධ්‍යාපනය හදාරා තිබිය යුතු බවත් , නිරෝගී සෞඛ්‍යයක් තිබිය යුතු බවත් , හොඳ අන්තර් පුද්ගල කුසලතා සහ බහුජාතික කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව සහ මනා පෞරුෂයකින් හෙබි විය යුතු බවත් සඳහන් වේ.
වැඩි විස්තර සහ අයැදුම් කිරීම පහත සබැඳියෙන් සිදු කළ හැක.














































