English
සිංහල
15:31 බදාදා, ඔක්තෝබර් 29, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාවට පැහැදිළි කර දෙන්න

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ජනපති ව්‍යාපාරික ප්‍රජාවගෙන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

    • ණය ප්‍රශස්තකරණයේ දී රජය ගත් පියවර ව්‍යාපාරික ප්‍රජාවගේ සහ වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ඇගයීමට.

    දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක් ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    සැබෑ තත්ත්වය පැහැදිළි කිරීමෙන් ණය ප්‍රශස්තකරණය පිළිබඳ මෙරට ශ්‍රම බලකාය මෙන්ම සමස්ත ජනතාව තුළ ඇති අනවබෝධය සහ අනිසි බිය දුරු කළ හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වාණිජ මණ්ඩල සාමාජිකයින්, ව්‍යාපාරික ප්‍රජාව සහ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡා දෙකකට එක් වෙමිනි.

    පළමුව වාණිජ මණ්ඩල සාමාජිකයන් සහ ව්‍යාපාරික ප්‍රජාව සමග හමුවකට එක් වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළින් පොලී අනුපාත අඩුවීමක් සිදුවන නිසා මූල්‍ය බැඳීම්වලින් දැඩි බලපෑමට ලක් වූ පුද්ගලයන්ට සහනයක් හිමිවන බවයි.

    පොලී අනුපාත අඩුවීමේ කාලසීමාව නිශ්චිතව සඳහන් කළ නොහැකි වුවත් මාස කිහිපයක් තුළ පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් පිළිබඳ විශේෂඥයන් පුරෝකථනය කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන සිදු නොකළහොත් කුඩා ව්‍යාපාර මගින් ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළි අනුපාත නැවත වැඩි විය හැකි අවදානමක් ඇති බවයි.

    එසේම රුපියල ශක්තිමත් වී තිබෙන මෙවැනි අවස්ථාවක ඩොලරය යළිත් ඉහළ යෑමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බව පැවසු ජනාධිපතිවරයා විදේශීය ණය ප්‍රශස්තකරණයට සමගාමීව දේශීය ණය ප්‍රශස්තකරණය ද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව පෙන්වා දුන්නේය.

    සේවක අර්ථසාධක අරමුදල යටතේ ප්‍රතිලාභීන්ට ලබාදෙන 9%ක වාර්ෂික පොළිය ඒ ආකාරයෙන්ම ලබාදෙන බව නීතියෙන් සහතික කරන බවත්, එබැවින් ඉදිරියේදී ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කිසිදු අවිශ්වාසයක් ඇති කරගත යුතු නැති බවත් වෘත්තීය සමිති නියෝජිතයින් අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.
    දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමත් සමඟ සංවර්ධන ආධාර මෙරටට ලැබෙන බවත්, එමඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු පසුගිය සමයේ අඩාල වී තිබූ අනෙකුත් සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවන බවත් පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ ඔස්සේ ඇතිවන ආර්ථික ප්‍රබෝධය තුළ නව රැකියා අවස්ථාව රැසක් ද බිහිවන බව කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා

    බැංකු තැන්පතුවලට බලපෑම් එල්ල වන බව පවසමින් සිදුකළ ප්‍රචාරයන් නිසා සමාජය තුළ යම් කණස්සල්ලක් පැවතුණා. නමුත් අපගේ සාකච්ඡාවලදී අප අවධානයට ලක්කළ ප්‍රමුඛතම කාර්යක් තමයි බැංකු පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම. දෙවැන්න සියලුම බැංකු තැන්පතු ආරක්ෂා කිරීම. බැංකු පද්ධතිය සම්බන්ධයෙන් ඇති කරන අනිසි බිය විශ්‍රාමික අරමුදල්වලට සාපේක්ෂව විශාල සමාජීය බලපෑමක් ඇති කළ හැකියි. එබැවින් ඉතා සාධාරණ විසඳුමක් අප ඉදිරිපත් කර තිබෙනවා.

    බැංකු විසින් දැනටමත් 50%ක් බදු ලෙස ගෙවමින් සහ ණය සහන ලබාදෙමින් මහා භාණ්ඩාගාරයට මෙන්ම පොදුවේ සමස්ත ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බැංකු පද්ධතිය හෝ තැන්පතු ලබා ගන්නා ආයතන සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බැහැර කිරීමට අප කටයුතු කළා. භාණ්ඩාගාර බිල්පත්වලට ද කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ. සිදු වන්නේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කිරීමයි. ඒ වගේම විශ්‍රාම අරමුදල් සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබා දී තිබෙනවා.

    එහිදී සෑම වසරකම ඒවායේ ප්‍රතිලාභීන්ට 9%ක පොලියක් ලබාදීම සහතික කරනවා. වත්මන් ශේෂය ආරක්ෂා වන අතර ශේෂයේ අඩුකිරීමක් ද සිදුවන්නේ නැහැ. තවද එම භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කර නව බැඳුම්කර සඳහා හුවමාරු වනු ඇතියි. එය ලබන අඟහරුවාදා උදෑසන පළමු වැඩ කරන දිනයේ දියත් කෙරෙනවා. ඒ පිළිබඳ පූර්ව දැනුම්දීමක් සිදුකරන අතර එතැන් සිට එය කඩඉම් දිනය වනු ඇතියි.

    ඊ පී එෆ්, ඊ ටී එෆ් (EPF, ETF) ඇතුළුව සියලුම විශ්‍රාම අරමුදල් (superannuation) සතු ඕනෑම බැඳුම්කරයක් හුවමාරු කරනු ලබනවා. පුද්ගලික අංශයේ විශ්‍රාම අරමුදල් ගණනාවක් තිබෙනවා. ඒවා ප්‍රතිව්‍යුහගත කරනවා. බැංකු ක්ෂේත්‍රය බදු වශයෙන් 50% ක් මහා භාණ්ඩාගාරයට ගෙවන විට ඊට සාපේක්ෂව විශ්‍රාම අරමුදල් මගින් බදු ගෙවීම සිදු කරන්නේ 14%ක් පමණයි. එසේ වුවත්, ඔවුන් මෙම බැඳුම්කර හුවමාරුවට සහභාගී වුවහොත් එම 14% අඛණ්ඩව භුක්ති විඳීමට අවස්ථාව හිමි වෙනවා. එසේ නොමැති නම්, ඔවුන්ට ඉහළ බදු අනුපාත සඳහා යාමට විකල්පයක් තිබෙනවා. එසේ වුවහොත් ඔවුන්ට එය අවාසිදායකයි.

    එබැවින් ඔවුන්ගේ තේරීම කුමක් දැයි තීරණය කිරීම විශ්‍රාම (superannuation) අරමුදල් වෙත පැවරෙනවා. එම තේරීම අප වෙත දන්වනු ඇතැයි අප අපේක්ෂා කරන අතර ජූලි මාසය තුළ බැඳුම්කර හුවමාරුව අවසන් කරනවා. එවිට ඔවුන්ගේ ද්‍රවශීලතාවයෙන් රජයට ලොකු සහනයක් ලැබෙනවා. තවද ප්‍රධාන මෙවලම වන්නේ බැඳුම්කර හුවමාරුවේදී වසර පහක සහන කාලයක් පැවතීම සහ එම කාලය තුළ විනිමය බැඳුම්කර සඳහා පමණක් පොලී ගෙවනු ලැබීමයි. එහි කල්පිරීම 2032 සිට 2038 දක්වා ආරම්භ වෙනවා. ඉන්පසු ක්‍රමානුකූලව, වාර්ෂික පදනම මත කල්පිරීම සිදු වනු ඇතියි.

    මහ බැංකුව වශයෙන් අපගේ මැදිහත්වීම සහ උනන්දුව වන්නේ එක් පැත්තකින් මූල්‍ය ස්ථාවරත්වය, බැංකු පද්ධතිය සහ තැන්පතු ආරක්ෂා කිරීමටයි. අනෙක් පැත්තෙන්, සේවක අර්ථසාධක අරමුදලේ භාරකරු, ලෙස අපට අවශ්‍ය වූයේ ඊ පී එෆ් (EPF) සාමාජිකයන් සහ විශ්‍රාමික අරමුදල් සඳහා හොඳම, ප්‍රශස්ත ගනුදෙනුව ලබා ගැනීමයි. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්පසු සෙනසුරාදා එය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

    ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති බිංගුමාල් තේවරතන්ති මහතා

    දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා බැංකු ඇතුළත් නොකිරීම පිළිබඳව අප සංගමය සතුටට පත් වෙනවා. එය දෙස බලන විට වැටහෙන්නේ මෙම තිබෙන යෝජනාව සමඟ අපට දළ මූල්‍ය අවශ්‍යතා (GFN) ඉලක්ක කරා ළඟා විය හැකි බවයි. එය තීරණාත්මක සාධකයක්.

    තවද මෙය මුදල් පිටතට ගලා යාමේ දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් විශාල සහනයක් වෙනවා. මම දකින විදිය අනුව ආදායම් පැත්තෙන් සහ වියදම් පැත්තෙන් ගත්තත්, දේශීය ණය සඳහා පොලී ගෙවීම සම්බන්ධයෙන් රජය තවමත් දැඩි සැලකිල්ලක් දක්වන බව පෙනෙනවා.

    ඒ වගේම රාජ්‍ය ආදායම් වැඩි කිරීම සම්බන්ධ කාරණයේදී රජයට තවත් තීරණාත්මක පියවර වෙත යොමුවීමට සිදු වෙනවා. විශේෂයෙන් බදු ලිපිගොනු ප්‍රමාණය වැඩි කිරීමට සිදු වෙනවා. දැනට තියෙන බදු පදනම සමඟ අපේක්ෂිත ඉලක්කවලට යාමට හැකි වෙයි කියා මම විශ්වාස කරන්නේ නැහැ.

    ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති විශ් ගෝවින්දසාමි මහතා

    පුද්ගලික අංශයේ මෙන්ම ලංකා වාණිජ මණ්ඩලය පැත්තෙන්, මම හිතන්නේ මෙම ගෙන ඇති පියවර බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම සදහා ගෙන ඇති සුදුසුම පියවර කියලයි. එසේ නොවුණා නම් මෙම අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ බැංකු පද්ධතියත් අභියෝගයට ලක් වෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්නවලට මුහුණදීමට සිදු වෙනවා.

    මෙතැන් සිට බැංකු මගින් පුද්ගලික අංශයට ලාභදායී අරමුදල් ලබා දීමට අවකාශ ඇතිවෙයි කියා මම විශ්වාස කරනවා. මෙතෙක් කල් එය සිදුව නැහැ. නමුත් අපි මින් ඉදිරියට එය සිදුවනු ඇති බව බලාපොරොත්තු වෙනවා. එසේ වුවහොත්ආයෝජන අඛණ්ඩව කරගෙන යා හැකියි. මම හිතන්නේ පසුගිය මාස 18 සිට 24 දක්වා කාලය තුළ සියල්ල ඇණහිට තිබෙනවා. එබැවින් ආර්ථිකය ඉදිරියට යාමට නම් පෞද්ගලික අංශයට වඩා ලාභදායී අරමුදල් අවශ්‍ය වෙනවා.

    ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ශරාඩ් අමලීන් මහතා

    රට තුළ තිබූ තත්ත්වය පාලනය කිරීමට හැකි වීම පිළිබඳ මම රජයට සුබ පතනවා. එය සැබැවින්ම විශාල සහනයක්. මෙම ශාලාවට ඇතුළු වන අවස්ථාවේ ඔබතුමා දකින්න ඇති සියළු දෙනාගේම මූණුවල තිබූ හිනාව. ඒ වගේම අප ඔබෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ රජය ගෙන ඇති මෙම පියවරවලට අප සහාය වන්නේ කෙසේද යන්නයි.
    ලංකා වාණිජ මණ්ඩලයේ මහලේකම් / ප්‍රධාන විධායක නිලධාරී, බුවනෙකබාහු පෙරේරා

    මූලික වශයෙන් අප දැනට සිදු කරන පොලී ගෙවීම්වල ප්‍රාග්ධනය සඳහා යම් සහනයක් ලබා දීම නිසැකවම ආයෝජනය ප්‍රවර්ධනයට වගේම පෞද්ගලික අංශයේ අඛණ්ඩ පැවැත්මට පිටිවහලක් බව කිවයුතුයි. මන්ද මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ මෙන්ම විශාල පෞද්ගලික ව්‍යාපාර වසා දමා වෙනත් වෙනත් වෙළෙඳපොල වෙත අවධානය යොමු කරමින් සිටිනවා. නමුත් අප ඒවා මෙරටේම තබා ගැනීමට ප්‍රයත්න දැරිය යුතුයි. ඒ මොකද මෙම ඇතැම් සමාගම් වසර තිහක් හතළියක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ව්‍යාපාර කටයුතුවල නිරත වූ නිසා. එබැවින් ඔවුන් සම්බන්ධයෙන් විසඳුමක් සෙවිය යුතුයි.

    ඉදිරි මාස කිහිපය තුළ ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම මූලික වශයෙන් කළ යුතුයි. අඩුම තරමින් පුද්ගලික අංශයට ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී ආකාරයකට තම ව්‍යාපාරය දැරිය හැකි මිලකට කරගෙන යාමට යම් සහනයක් ලබා දිය යුතුයි.

    වෘත්තීය සමිති නායකයන් සහ නියෝජිතයන් ද මෙහිදී අදහස් දැක්වූ අතර මෙරට වැඩකරන ජනතාව ආරක්ෂා කරමින් ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීම පිළිබඳව ඔව්හු සිය ප්‍රසාදය පළ කළහ.

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, මුදල් රාජ්‍ය ආමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි, ගාමිණී ලොකුගේ, වඩිවෙල් සුරේශ්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක,ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version