ලොතරැයියක මිල ලබන මස 06 වනදා සිට රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීම හේතුවෙන් ලබන මස 06 වනදා සිට ලොතරැයි අලෙවිකරුවන් ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ලොතරැයි මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවට ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා අද (30) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.














































