අයිස් මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් සමග මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ‘සයිමා’ නැමැත්තාගේ සගයකු රත්මලානේදී STF නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 15ක් හා ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 211000 ක මුදල්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත සැකකරු වයස අවුරුදු 43 ක් වන රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සදහා ගල්කිස්ස පොලිසිය වෙත භාර දී තිබේ.
සැකකරු දෙහිවල, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශයන්හි ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු මෙන්ම බෙදා හරින්නකු ලෙස සැලකෙන සයිමා නැමැත්තාගේ ගෝලයකු බව පොලිසිය අනාවරණය කොට තිබේ.














































