අලෙෆ් එරොනොටික්ස් සමාගමේ පියාසර කිරීමට හැකි මෝටර් රථය පියාසර කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රජය විසින් නීතිමය අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම මෝටර් රථය 100% ක් විද්‍යුත් මෝටර් රථයක් වන අතර එක් අයෙකුට හෝ දෙදෙනෙකුට ගමන් කළ හැකිය.මෝටර් රථයේ මිල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් පමණ වන අතර මාර්ග තදබදය සහ අනතුරු මඟ හරිමින් පියාසර කිරීමට මෙයට හැකියාව පවතින බව සඳහන් වේ.
එමෙන්ම තම මෝටර් රථයට පියාසර කිරීම සඳහා යෝග්‍යතා සහතිකයක් ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා ඒජන්සියෙන් ලැබුණු බව අලෙෆ් එරොනොටික්ස් සමාගම සඳහන් කර තිබේ.
මෙවැනි මෝටර් රථයක් සඳහා ඇමෙරිකානු රජය විසින් අවසර ලබා දුන් ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තා වේ.
මෙම විශේෂ පියාසර කිරීමේ යෝග්‍යතා සහතිකය මඟින් මෝටර් රථය පියාසර කිරීමට අවසර ලබා දී තිබූ නමුත් පියාසර කළ හැකි ස්ථාන සහ අවස්ථා සීමිත කර ඇති බව සඳහන් වේ.
අලෙෆ් එරොනොටික්ස් සමාගම 2025 වසරේ අවසානයේ සිට මෙම මෝටර් රථය මිලදී ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.















































