1992ට ලද තොරතුරක් මත උඩවලව අඩවි ආරක්ෂක අයි.සී. රජිත මහතා ඇතුලු 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ වැටලීමක් සිදු කරන ලදී.
එහිදී නිවසක ශීතකරණයක් තුල තිබූ ගෝනමස් තොගයක් සොයාගැනීමට හැකිවූ බව සදහන්.
ඒ අනුව නිවැසියන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ගිනිඅවි සහ ගෝනමස් අලෙවිකල තවත් පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු ලැබී ඇති බව සදහන්.
එහිදී මෙරට නිෂ්පාදිත ගිනිඅවි 2ක් බදින තුවක්කු 2ක් ඊයම් මූනිස්සම් වැනි පුපුරන ද්‍රව්‍ය ,ගෝනමස් කිලෝ 8.5ක් සහ ගෝනකුගේ හිස්කබල සහ තවත් සත්ත්ව කොටස්ද සොයාගැනීමට හැකිවී තිබේ.
තවද,මස් මිලදීගත් එක් පුද්ගලයෙකුගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවැසියන් සහ තවත් පිරිසක් එක්ව කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ට පහරදීමක් සිදු කළ අතර එහිදි පොරවකින් කල පහරදීමකින් එක් නිලධාරියෙකු ඇඹිලිපිටිය මහ රෝහලේ 7වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර තවත් නිලධාරියෙකු උඩවලව ග්‍රාමීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව දැනගන්නට ලැබුනි.
මෙහිදී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද දින(1) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනෙකු මේ මස 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද අතර අනෙක් තිදෙනාට ඇප ලබාදී ඇතිබව සදහන්.
පහරදීම සම්බන්ධව සෙවනගල පොලීසියට පැමිණිලි කළද පුද්ගලයින් පැහැදිලිවම හදුනාගෙන තිබියදීත් තවම අත්අඩංගුවට ගෙන නොමැති බව දැනගන්නට ලැබුනි.
මෙම දඩයම්කරුවන් සංවිධානාත්මකව මෙම මස් ජාවාරම සිදුකරගෙන යන අතර සමහර ප්‍රභූන්ගේ උත්සව වලට මෙන්ම සාද වලටද දඩමස් සපයන බවට තොරතුරු ලැබී ඇති බව දැනගන්නට ලැබුනි.














































