ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය මේ වන විට සිම්බාබ්වේ බුලාවායෝ හිදී පැවැත්වෙන අතර එහි කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම වෙත ආරාධනා කර තිබේ.
ඒ අනුව පළමුවට පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 32 යි පන්දු 2 ක් තුළ දී සියලු දෙනා දැවී ලකුණු 165 ක් රැස් කරගත් බව වාර්තා වේ.
එමෙන්ම මෙහි පන්දු යැවීම සිදු කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දිල්ශාන් මධුසංක විසින් සිම්බාබ්වේ කණ්ඩයමේ කඩුලු 03 ක්ද , මහීෂ් තීක්ෂණ විසින් කඩුලු 04 ක් ද , මතීෂ පතිරණ විසින් කඩුලු 02 ක් ද , දසුන් ශානක විසින් එක් කඩුල්ලක් ද බිඳ හෙලිමට සමත් වූ බව සඳහන් වේ.