මන්නාරම යෝධ වැවේ මාළු අල්ලන්නට ගිය ඔරුවක් පෙරළීමෙන් අතුරුදහන්ව සිටි ධීවරයන් දෙදෙනාගේ මළ සිරුරු දහවල් සොයාගත් බව මන්නාරම උයිලන්කුලම පොලිසිය පවසයි.
මසුන් ඇල්ලීමට ගිය ධීවරයන් දෙදෙනකු මාළු දැල් දමා නැවත නොපැමිණීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී රාත්‍රියේ පෙරලී ගිය ඔරුව සොයාගත් බව පොලිසිය පැවසීය.
ඒ අනුව අතුරුදහන් ධීවරයන් සොයා පොලිස් ජීවිතාරක්ෂක බලකාය නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුම් සිදුකළ අතර, සෝදිසි කිරීම් අතරතුර මියගිය ධීවරයන්ගේ මළ සිරුරු සොයාගෙන තිබිණ.
එලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මන්නාරම,සිරිකුලම්,පරප්පුකන්ඩාල් ප්‍රදේශයේ පදිංචි නිමල් පෙරේරා නැමති 55 හැවිරිදි අයකු හා තිරුසේ චන්ද්‍රන් නැමති 37 හැවිරිදි අයකුගේ බව පොලිසිය පැවසීය.
අදාළ පුද්ගලයින් දෙදෙනා මසුල් ඇල්ලීමට ගිය අවස්ථාවේ හදිසි අනතුරකින් ඔරුව පෙරළී ධීවරයින් දෙදෙනා දියේ ගිලීමෙන් මිය යන්නට ඇති බව පොලිසිය සැක පළ කරති.
( ලංකාදීප )