ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබෙන අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් අයවැය සඳහාත් , ඩොලර් මිලියන 200ක මුදලක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහාත් වෙන් කර තිබිණි.එලෙස අයවැය සඳහා වෙන්කර තිබූ මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් ඒ වෙනුවට මෙරටට හිමිව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේවසිංහ මහතා සිය ට්විටර් ගිණුමේ ද සටහනක් තබා ඇති බව සඳහන් වේ.














































