මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීමක් සිදු කර විදෙස් රටක නිෂ්පාදනය කරන ලද පිස්තෝල වර්ගයේ අවියක් සහ පතරොම් ගැබක් සමඟ පුද්ගලයෙකු පානදුර , හිරණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සලිඳු මල්පික නොහොත් කුඩු සලිඳු යන සැකකරු විසින් ඩුබායි රාජ්‍යයේ සිට මෙරට අපරාධ මෙහෙයවීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයෙන් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව මෙලෙස මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු මොරවින්න , පානදුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකි.














































