ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවා ගන්නා ආයතනයක සභාපතිවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ශ්‍රී ලාංකිකයින් හට ජපානය තුළ වැඩි රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් එම නියෝජිතයින් සමග ඊයේ (04) විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
එහිදී අදාළ රැකියා අවස්ථා වැඩි කර ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය විසින් ඉදිරිපත් කළ ඉල්ලීමට ඔවුන් යහපත් ප්‍රතිචාරයක් දක්වා තිබෙන බව සඳහන් වේ.