දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව අගෝස්තු මස 17 වනදා සිට අගෝස්තු මස 31 වනදා දක්වා මෙම පෙරහැර මංගල්‍යය පැවැත්වෙන බවත් , අගෝස්තු 17 වන දින සිදු කරනු ලබන කප් සිටුවීම පෙරවරු 6.12 ට සිව් මහා දේවාල වල සිදු කිරීමට නියමිත බවත් එම නිවේදනයේ සදහන් කර තිබේ.
එමෙන්ම අගෝස්තු මස 21 වනදා සිට අගෝස්තු මස 25 වන්දා දක්වා කුඹල් පෙරහැරත් , 26 වනදා සිට 30 වනදා දක්වා රන්දෝලි පෙරහැරත් පැවැත්වෙන අතර 31 වනදා දියකැපීමේ මංගල්‍යය සිදු කර , එදිනම දහවල් පෙරහැර පවත්වා , පස්වරුවේ ජනාධිපතිවරයා හට පෙරහැර සංදේශය භාර දීම සිදු කිරීමට නියමිතව තිබෙන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබේ.