සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් ඇති බවට වෙළෙඳසැල් හිමියන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වෙළෙඳසැල් හිමියන් සඳහන් කළේ,
“සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ… රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත් තිබුණා නේ.”
කෙසේවෙතත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් තවදුරටත් අමුද්‍රව්‍ය මිල අඩුකරන්නැයි ජාතික ඉදිකිරීම් සේවක සංගමය රජයෙන් ඉල්ලා සිටින බව සදහන්.