තරුණයෙකුට අතවර කිරීමක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු ඌවපරණගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
20 හැවිරිදි තරුණයෙකුට මත්පැන් පොවා අතවරයක් සිදු කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම සිදු කළ විමර්ශනයේදී මීට මාසයකට පමණ පෙර අඹගස්දෝව ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරේ දී මෙම සැරයන්වරයා විසින් තරුණයෙකුට අතවර කර ඇති බව අනාවරණය වී තිබේ.














































