English
සිංහල
14:36 බදාදා, මැයි 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රමණ වේශධාරියාගේ වරද, කාන්තාවන්, නීතිය, ධර්මය සහ කර්මය

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    යම් ශාසනික සහ සමාජයේ ගැටළුවක් ඇති වූ විට, සියළුම දෙනාගේ යහපත උදෙසා වහා කටයුතු කළ යුතු ය. පිළිතුරු සපයා ගත යුත්තේ ධර්මානුකූලවය. අනාගත සමාජයේ යහපත ගැන සිතා මතා ය. නිවැරදිම තීරණයක් ගන්නට නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සතර අගතියට නොයා සිටිය යුතු ය. මේ දිනවල සමාජ ගතව තිබෙන ශ්‍රමණ වේශධාරියෙකුගේ ලිංගික සිදු වීමට අදාළව පහත ආකාරයට එය පැහැදිලි කර ගත යුතු ය.

    1. ශ්‍රමණ වේශධාරියාගේ වරද,
    2. කාන්තාවන්,
    3. නීතිය,
    4. ධර්මය
    5. කර්මය
    6. ශ්‍රමණ වේශධාරියාගේ වරද.
      මෙම සිදු වීමේදී ශ්‍රමණ වේශධාරියා සම්පූර්ණයෙන්ම වැරදි ය. මෙවැනි පහත් හැසිරීමක් කළ ඔහුව ශාසනයෙන් නෙරපා හැරිය යුතුය. නමුත් කිසිවෙක් නීතිය අතට ගෙන පහරදීම. මරා දැමීම. ආදී නොපනත්කම් නොකළ යුතු ය. එසේ පහරදෙන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.

    භික්ෂුවකගේ සම්පූර්ණයෙන්ම භික්ෂූත්වය අහිමි වන ප්‍රධාන වැරදි වන “පාරාජිකා” සතරක් තිබේ. මේ ශ්‍රමණ වේශධාරියා පැහැදිලිවම ඒවායින් “මෛථූන සේවනය” කර පාරාජිකා වී තිබේ. ඔහු තවදුරටත් භික්ෂුවක් නොවේ. නැවත මේ ජීවිත කාළයේදී උපසම්පදා විය නොහැකි අතර, එක්කෝ සාමණේර විය යුතුය. නැතිනම් ගිහි විය යුතු ය.

    මීට අමතරව භික්ෂුවක් විසින් රැකිය යුතු අනිවාර්‍ය්‍ය සිල්පද අතරින් සංඝාදිසේස කිහිපයක් වන්නේ

    i. සිහිනයෙන් සිදු වන ශුක්‍ර‍ මෝචනය හැර ඕනෑකමින් උපක්‍රම කොට ශුක්‍ර‍ධාතුව මෝචනය කිරීම සංඝාදිසේස නම් ආපත්තියකි.

    ii. යම් මහණෙක් රාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම නො මනා අතට පෙරළී ගිය සිතින් මාගමක් හා කයින් කය ගැටීමට පැමිණියේ නම් අත ඇල්ලීම හෝ කෙස් කළඹ ඇල්ලීම හෝ අන් ශරීරාවයවයක් ස්පර්ශ කිරීම හෝ කළේ නම් සංඝාදිසේසාපත්ති වේ.

    iii. යම් මහණෙක් දුට්ඨුල්ලාරෝචනරාගය විසින් බැස ගත් සිත් ඇත්තේ ඒ නිසා ම පෙරළී ගිය සිතින් තරුණයකු තරුණියකට කියන්නාක් මෙන් වර්චස් මාර්ග මුත්‍රාමාර්ග හා මෛථුනය පිළිබඳ වූ අසභ්‍ය වචන මාගමකට කියා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්තිය වේ.

    iv. යම් මහණෙක් රාගය බැසගත් සිත් ඇත්තේ පෙරළී ගිය සිතින් මාගමක් සමීපයෙහි “නැගණියෙනි, යම් කතක් මා වැනි සිල් ඇතියකුට යහපත් පැවතුම් ඇතියකුට උසස් පැවතුම් ඇතියකුට ඒ මෛථුන ධර්මයෙන් උපස්ථාන කෙරේ නම් එය උපස්ථානයන් අතුරෙන් අග්‍ර‍ උපස්ථානය වන්නේය” යි තමාට කාමයේන උපස්ථාන කිරීමේ ගුණ මෛථුනය පිළිබඳ වචන වලින් පවසා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්ති වේ.

    v. යම් මහණෙක් ස්ත්‍රී පුරුෂයන් අතර පණිවුඩ හුවමාරු කරන්නකු බවට පැමිණියේ වේ ද අඹුවක වීම පිණිස පුරුෂයාගේ අදහස ස්ත්‍රියට හෝ කියා ද, සැමියකු වීම පිණිස ස්ත්‍රියගේ අදහස පුරුෂයාට හෝ කියාද යටත් පිරිසෙයින් මඳ වේලාවකට බිරියක් වන කතකට වුව ද කියා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්ති වේ.

    මේ ආදී තවත් රැකිය යුතු උතුම් ශික්ෂාවන් තිබේ. සංඝාදිසේසාපත්තියකට හසුවුවහොත් අබ්භාහනාදී විනය කර්ම කර පිරිසිදු විය යුතුය. පාරාජිකා වීම උපසම්පදාවේ මරණය යි.

    ගිහි පවුලක මිනිසෙකු මිනී මැරුමක් වැනි අපරාධයක් කළ හොත් සියළුම මිනිසුන්ට මිනී මරුවන් කියා බැන වැදීම නොකළ යුතු ය.

    ශාසනය තුළ මෙවැනි පහත් හැසිරීම් කළ නොහැකි බව ධර්ම විනය දන්නා අය දනී. මෙවැනි පහත් වැඩ කරන්නන් ශාසනයෙන් නෙරපිය යුතු ය.

    ධර්ම විනය නොදන්නා ගිහියන් සහ විශේෂයෙන්ම පැවිද්දන් සිදු කරනා පහත් ක්‍රියාවන් නිසා මිනිසුන් අපැහැදෙන්නේ සමස්ත සංඝරත්නය ගැන ය.

    මේ තත්වය වළක්වා ගන්නට නම් සංඝයාට ධර්ම විනය ඉගැන්විය යුතු ය. නීතිය ක්‍රියාත්මක කර ජීවිත විනාශයන් වළක්වා ගත යුතුය. එම කාන්තාවන්ට සිය දිවි නසා ගන්නා තැනට ඇද නොදැමිය යුතුය.

    කෙළෙසුන් දමනය කර ගත නොහැකිව වරදෙහි බැදෙන ශ්‍රමණ දුස්සීලයන් මේ ජීවිතයේදී නැවතත් නිවැරදි මගෙහි පිහිටුවා ගන්නට සිවුවනක් පිරිස කළ්‍යාණ මිත්‍රත්වයේ දෑත ඔවුනට දිගු කළ යුතු ය. මැරෙන මොහොතේදී හෝ සිත නරක් වන්නට නොදී කටයුතු කළ හැකිනම් දෑත දිගු කළ කළ්‍යාණ මිතුරන්ට එය පින්කමකි. (මේ ධර්මයයි. පළි ගන්නම සිතන අයටනම් මෙය අප සමගත් තරහා යන වදන් පෙළකි.)

    1. කාන්තාවන්
      එම කාන්තාවන් වරදෙහි බැදුනි. එය වැරදි ය. ගණිකාවක් වූ අම්බපාලියටත් මහ රහත් තෙරණින් වහන්සේ නමක් වන්නට හැකි වූ ශාසනයේ මොවුනටත් නිවැරදි වන්නට ඉඩ දිය යුතු ය.

    දැන් ඔවුන් ඉදිරියේදී සමාජයේදී කන්නේ, බොන්නේ, ජීවත් වන්නේ කෙසේද? මේ දේම පහරදුන් අයගේ දියණියක් අතින් වූවානම් ඇයගේ අනාගත ඉරණම කුමක්ද?

    යම් වරදකදී හැසිරිය යුත්තේ එම ජීවිත ගෙලලා ගන්නා තැනට පත් කිරීමෙන් නොවේ. නොමග ගිය අපරාධකරුවන්ද නිවැරදි මගට එන ආකාරයට ය. බුදු දහමේ උගන්වන්නේ නම් එය යි. නොමග ගිය ජීවිත තවත් නොමඟටම තල්ලු නොකළ යුතුය.

    1. නීතිය

    නීතියට ඉහළින් සීලය තිබේ. සීලය බිදගෙන පාරාජිකා වූ තැන, නීතිය අතට ගන්නන්ගෙන් ඔවුන් රැකීමට නීතියේ පිහිට ඔවුනට ලැබිය යුතු ය. මේ මොහොතේ ඔවුනගේ ජීවිත විනාශ නොවන ආරක්ෂාවක් අත්‍යාවශ්‍ය වේ. එය ලබා දිය යුත්තේ නීතියෙනි.

    මෙම සිදු වීමට වහා නීතිය මැදිහත් වී සිල් බිද ගත් අයට නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඔවුන් රැක ගත යුතු ය. වරදක් කළත් ඔවුන් මනුෂ්‍යයෝ ය. කරුණු අවබෝධ කර ගන්නා යම් දවසකදී ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට ඔවුන් ජීවත්ව සිටිය යුතු ය. බෞද්ධයින් මෛත්‍රීයෙන් ජීවත් වන පිරිසකි.

    ශ්‍රමණ වේශ ධාරියාට සහ කාන්තාවන් දෙදෙනාටත් නීතියේ රැකවරණය ලබා දී ධර්මයෙන් මග පෙන්විය යුතු ය. කාන්තාව බලහත්කාරයෙන් නිරුවත් කරමින් මොවුන්ට පහර දුන් වරද කරුවන්ට දඩුවම් දිය යුතු ය. (සමාජයේ නැවත එවන්නක් නොවීම පිණිස.)

    ශ්‍රමණ වේශධාරියා ගැන සමාජය දැනුවත් කර ගත යුතු ය. වහාම ශාසනයෙන් නෙරපා හැරිය යුතු ය.

    1. ධර්මය

    සමාජය ඉදිරියේ වැරදි කරුවෙක් ධර්මය ඉදිරියේ වැරදි කරුවෙක් නොවේ. ආනන්තරිය පාපකර්ම කර ගත් දේවදත්ත තෙරුන්ට, පීතෲ ඝාතක අජාසත්ත රජුට, අනාගතයේ පසේ බුදු වන්නට ධර්මයේ පිහිට ලැබුණී.

    ධර්මය මැදිහත් කර ගත් විට සියළුම ප්‍රශ්නවලට පිළිතුරු ලැබේ.
    නීතිය අතට ගත් අයවළුන්ද නිවැරදි මාවතට ගත යුතුය. ශ්‍රමණ වේශධාරියාව වහාම ශාසනයෙන් නෙරපා හැරිය යුතු ය.

    1. කර්මය

    දුශ්සීල භික්ෂුවක්ව සිටිමින් සිල්වත් දායකයින් දෙන දානය වැළදීම පවා ගිනි ගුලි ගිලීමක් වැනි ය. එම ශ්‍රමණ වේශධාරියාට නරකයේ දොරටු දැනටමත් විවර වී ඇත. කළ්‍යාණමිත්‍ර දෑතක් දිගු වුවහොත්, මේ ජීවිතයේදීම සසර දුකින් එතෙර වන්නට මග පෙන්විය යුතු ය. නමුත් නීතිය කිසිවෙක් අතට නොගත යුතු ය.

    භික්ෂුව සිල්වත් විය යුතු ය. අතිශයින්ම සිල්වත් විය යුතු ය. සිල්වත්ව සිටිය නොහැකිනම් සිවුරු හැර යා යුතු ය. දොඩම් ගොඩක නරක් වූ දොඩම් ද තිබිය හැකි ය. ඒවා නොගෙන සිටීමට නුවණැත්තෝ කටයුතු කළ යුතු ය. නරක් වූ දොඩම් කුණු කූඩෙට දැමිය යුතු ය.

    එම ශ්‍රමණ වේශධාරියා වැනි අය සම්බන්ධව එම සංඝ සභා වහා ක්‍රියාත්මක වී ඔවුන්ව සසුනෙන් ඉවත් කළ යුතු ය.

    තෙරුවන් සරණයි!

    තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
    මිණිපුර අමා ශාන්ති තපෝවනය
    පැල්වාඩිය
    රත්නපුර

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවතවිශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version