තලවකැලේ, වටගොඩ සිට මඩකුඹුර වත්ත දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථයක් අද (09) සවස දුනුකේදෙණිය, කිරිදිකැටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 12 ක් පමණ තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අනතුරුට පත් වන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 25 ක් පමණ ගමන් කරමින් සිට ඇති බවත්, ඔවුන්ගෙන් තුවාල ලැබූවන් කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබූ බව සදහන්.
වටගොඩ වතුයායේ වැඩ කිරීම සඳහා වැවහේන ප්‍රදේශයේ පිරිසක් රැගෙන ගොස් ආපසු වැඩ අවසන්ව ඔවුන් නිවෙස් බලා රැගෙන ගිය බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බව සදහන්.