English
සිංහල
09:06 ඉරිදා, අප්‍රේල් 19, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අරගලයට එක් වීමට ජනතාවට සාධාරණ හේතු තිබූ බව අපිත් පිළිගන්නවා. මහින්දානන්ද අලුත්ගමගේ.

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඒත් ඔවුන්ට මිනිසුන් මරා දැමීමට ,ගෙවල් ගිනි තැබීමට ඕනෑ වුණේ නැහැ.

    අරගලයට මුවාවී කැරලිකරුවන්  කරන්න ගිය දේ දැන් අධිකරණය හමුවේ හෙලි වෙමින් තිබෙනවා.

    ලෝකයේ ඇති වූ අරගල හමුවේ බොහෝ රාජ්‍යයන් බිඳ වැටී වසර ගණනාවක් අරාජිකව පැවතුණද, ශ්‍රී ලංකාව වසරක් වැනි කෙටි කාලයක් තුළ යථා තත්ත්වයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි නායකත්වය හේතු වූ බව පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සහ මහජන නියෝජිතයන්ගේ මෙන්ම පොදු දේපළ විනාශ කළ දිනය ලෙස ජූලි 09වනදා ඉතිහාසයට එක්ව ඇති බව සිහිපත් කළ මන්ත්‍රීවරයා මෙම අරගලයට මුවාවි කැරලිකරුවන්ට තිබූ න්‍යාය පත්‍රය කුමක්ද කියා අද වන විට අධිකරණ ක්‍රියාවලිය හමුවේ අනාවරණය වෙමින් තිබෙන බවද සඳහන් කළේය.

    පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර සිටියේ “ස්ථාවර රටකට – සැවෙම එකමගකට මැයෙන් ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබු මාධ්‍ය හමුවට එක් වෙමිනි.

    කිසිවෙකු රට භාර ගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක රට භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද රටේ ආර්ථිකය යළි ගොඩනඟමින් සිටින බව සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වන්නැයි තමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවසීය.

    විවිධ ගෝලීය හේතුන් මත මෙන්ම එවකට රජය ගත් ඇතැම් තීන්දු තීරණ නිසා රජයට විරුද්ධව රටේ විශාල ජන මතයක් ගොඩනැගුණා. අරගලයට මිනිසුන් පැමිණීම වෙනුවෙන් සාධාරණ හේතු තිබුණා. පැය 13ක විදුලි කප්පාදුවක් සිදු වුණා. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් නිසා දෛනිකව ජනතාව බොහෝ පීඩාවට පත් වුණා. ජනතාව මුහුණ දුන් සමාජ ආර්ථික පීඩනය අපිත් දැක්කා.

    මෙම තත්ත්වය තුළ සාමකාමී අරගලයට සම්බන්ධ වූ ජනතාවට ගෙවල් ගිනි තැබීමට, මිනිස්සු මරා දැමිමට අවශ්‍ය වුණේ නැහැ. නමුත් අරගලයට මුවාවි කැරලිකරුවන්ට තිබූ න්‍යාය පත්‍රය කුමක්ද කියා අද වන විට අධිකරණ ක්‍රියාවලිය හමුවේ අනාවරණය වෙමින් තිබෙනවා.

    අරගලයට සම්බන්ධ වු ඇතැමුන්ගේ ගිණුම්වලට විදෙස් රටවලින් කෝටි ගණන් මුදල් ලැබී තිබෙනවා. මේ වන විටත් අධිකරණයේ ඇති නඩුවකට අදාළ විත්තිකාර පාර්ශ්වයක ගිණුමට මුදල් එවා තිබෙන්නේ ගෝතමාලාව කියන රටින්. ගෝතමලාව ප්‍රධාන වශයෙන් ලෝකයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රටක්. මෙතනදි අප අමතක කළයුතු නැහැ එවකට හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරු බව.

    මම මේ කියන කරුණු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබීමට නායකත්වය දුන් බවට සැක පිට තරුණයෙකු අත්අඩංගුවේ සිටිනවා. ඔහුගේ ගිණුමටත් විදේශ රටවලින් මුදල් ලැබුණු බවට කරුණු හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම අරගලයට නායකත්වය දුන්බොහෝ පිරිසකගේ ගිණුම් මේ වන විට පරික්ෂාවට ලක්වෙමින් තිබෙනවා. තව දින කිහිපයකින් ඒ අයට මුදල් ලැබී ඇති ආකාරයත් අප රටට හෙළි කරනවා.

    මීට වසරකට කලින් අද අපි මෙම රැස්ව සිටින ස්ථාන ය තිබුණේ අරගලකරුවන්ගේ ග්‍රහණයේ. ඔවුන් අතර සිටි ඇතැම් විනාශකාරී පිරිස් වසර ගණනාවක් මේ රට පාලනය කරපු රාජ්‍ය නායකයන් සිටි මන්දිරය කඩා බිඳ දමා වටිනා දේපළ විනාශ කළ දවස අදයි. වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස කොළඹ රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කරලා තිබියදි එම නිවස සහ පුස්තකාලය ගිනි තැබු දවස අදයි. එම පුස්තකාලය ආසියාවෙම තිබු වැදගත් ග්‍රන්ථ රැසකින් සමන්විත වු බව ප්‍රසිද්ධ කාරණයක්.

    ඇතැම් දේශපාලන පක්ෂ මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ වු උත්තරීතර පාර්ලිමේන්තුව පවා ගිනි තැබීමට ජනතාව පෙළඹවූ දිනය ලෙස ජූලි 09 වනදා ඉතිහාසයට එක්ව තිබෙනවා.

    පාර්ලිමේන්තුවේ සිටි අහිංසකම මහජන නියෝජිතයෙකු වූ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා නින්දිත ලෙස මරා දැමුවා. ඒ වගේම මැති ඇමතිවරුන්ගේ නිවාස 47ක් ගිනි තැබුවා. ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ, ආධාරකරුවන්ගේ නිවාස ගිනි තැබුවා. ඒ වගේම තවත් පොදු දේපළ විශාල ප්‍රමාණයක් විනාශ කර දැමූණා .

    මෙවැනි අරගලවලට මුහුණ දුන් මැදපෙරදිග, අප්‍රිකානු රටවල් වසර ගණනාවක් යන තුරු දියුණු වුණේ නැහැ. එම රටවල් වසර ගණනාවක් අරාජික රටවල් ලෙස පැවතුණා. දරුණු මංකොල්ලකෑම් ඇතුළු අපරාධ වැඩි වුණා. ඒ හමුවේ එම රටවල ජනතාවට බිහිසුණු අත්දැකීම්වලට මුහුණදීමට සිදු වුණා. උන්හිටි තැන් අහිමිව ඇතැම් පිරිස් රට හැර ගියා.

    ලංකාව මුහුණ දුන් මෙම අභියෝගය හමුවේ රට භාර ගැනීමට එදා කිසිවෙක් ඉදිරිපත් වුයේ නැහැ. වත්මන් විපක්ෂ නායකවරයාට ආරාධනා කළ විට ඔහු එම අභියෝගය භාර ගැනීම ප්‍රතික්ෂේප කළා. කිසිවෙක් භාරගැනීම ප්‍රතික්ෂේප කළ රටක් තමයි වත්මන් ජනාධිපතිතුමා භාරගත්තේ. ඒ වන විට මේ රට පැවතුණේ බංකොළොත් රාජ්‍යයක් ලෙසයි. ණය ගෙවා ගන්න බැරි රටක්. ජනතාවට තෙල්, ගෑස්, විදුලිය ඇතුළු මූලික අවශ්‍යතා කිසිවක් සපුරාලිමට නොහැකි වු රටක් තමයි එදා තිබුණේ.

    රටේ උද්ධමනය ඒ වන විට 67%ක් දක්වා ඉහළ ගොස් තිබුණා. විදේශ සංචිත බිංදුවටම පහත වැටි තිබුණා. විදේශ ප්‍රේශන ලැබුණේ නැහැ. සංචාරකයන් පැමිණියෙත් නැහැ. බැංකු පොලි අනුපාතය 30%ට ඉහළ ගියා. එවැනි දැඩි අභියෝගකාරි අවස්ථාවක වත්මන් ජනාධිපතිවරයා රට භාර ගත්තා. එතුමා රට භාරගෙන අදට වසරක් ගත වෙනවා.

    ලෝකයේ අරාජික වූ කිසිදු රටක් වසරක් වගේ කෙටි කාලයකදී මෙතරම් පරිවර්තනයකට ලක්ව නැහැ. ජනාධිපතිවරයාගේ නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් මේවන විට රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. එදා 60%ක්ව තිබු උද්ධමනය මේ වන විට 7%ක් දක්වා පහළ බැස ඇති බව මහබැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා. 30%ක් දක්වා ඉහළ ගිය බැංකු පොළිය අද වන විට 12%ක් දක්වා අඩු කිරීමට මහබැංකුවට හැකි වී තිබෙනවා.

    ඒ වගේම විදුලිබිල 55%කින් පහතට ගෙන ඒමට හැකි වුණා. ගැස් මිල 40%කින් පමණ අඩු වුණා. පසුගිය මාසයේ පමණක් ලක්ෂයක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. එතරම් ප්‍රමාණයක් එක් මාසයක සංචාරයක් පැමිණ තිබෙන්නේ වසර 04කට පසුව බවත් මෙහිදි සඳහන් කළයුතුව තිබෙනවා.

    ඇතැම් දේශපාලන පක්ෂ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙරටට මුදල් එවන්න එපා කියලා. නමුත් මේ වන විට වාර්තාගත විදෙස් මුදල් ප්‍රමාණයක් ඔවුන් මෙරටට එවා තිබෙනවා. ඒ වගේම අද අපනයන ඉහළ ගොස් තිබෙනවා. විදේශ ප්‍රේශන වැඩිවෙලා. කොටස් වෙළඳපොළ වාර්තාගත ලෙස ඉහළගොස් තිබෙනවා.

    කොටස් වෙළෙඳපොළේ ඉහළ යාම මගින් පෙන්නුම් කරන්නේ ජනතාවට වගේම ව්‍යාපාරිකයන්ටත් මේ රට ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධව විශ්වාසයක් ඇති වී තිබෙන බවයි.

    දැන් අරගලවලට පැමිණෙන ලෙස ජනතාවට ආරාධනා කළාට ඔවුන් පැමිණෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා. අරගල කරන්න ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා.

    නමුත් මොනම හේතුවක් නිසාවත් මේ රට ආරාජික කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවකට ඉඩ තිබෙනවා. අද වන විට ජනාධිපතිවරයා මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කර තිබෙනවා. එතුමා රට නිසි මාවතකට යොමු කර තිබෙනවා. ඒ නිසා එතුමා ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වන්න කියා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    සරත් සමරනායක.

    Tags: ප්‍රජා පුවත්විශේෂ
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version