මහරගම අපේක්ෂා රෝහලේ වියළි ආහාර ද්‍රව්‍ය සොරකම් කළ බව කියන එම රෝහලේම අරක්කැමියන් දෙදෙනෙකු මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාරපාන සැකසීම සදහා මුළුතැන්ගෙයි ගබඩා කර තිබෙන වියළි ආහාර කාලයක් තිස්සේම අස්ථානගත වී ඇති බවට රෝහල් පාලනාධිකාරිය විසින් පොලිසියට දැනුම් දී ඇති බව සදහන්.
පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථයකින් වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් ගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදීය.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 38ක් හා 54ක් වන හෝමාගම බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව සදහන්.
මෙම සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා මහරගම පොලිසිය විමර්ශණ සිදු කරනු ලබයි.














































