English
සිංහල
17:57 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    යුද්ධ හමුදා නීතිය, සිවිල් නීතිය සහ පෞද්ගලික පලිගැනීම්. ජනාපතිදුගේ අවධානය පිණිසයි

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    1948 අංක 17 දරණ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත යුද්ධ හමුදා පනත සුවිශේෂී වන්නේ එය මහජන ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත බලාධිකාරියක් බැවිනි.

    යුද්ධ හමුදාවට බැදෙන සියලුම දෙනා රාජකාරියේදී මෙම පනතට අනුව තම රාජකාරිය ඉටුකළ යුතුය. එම පනතට අනුව කටයුතු කිරීමේදී රටේ පවතින පොදු නීතියටද යටත්ව කටයුතු කිරීමට ඔවුන්ට සිදු වේ.පොදු නීතිය යනු, ශ්‍රී ලංකා ආණ්ඩු ව්‍යවස්ථාව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සහ සිවිල් නඩු විධාන සංග්‍රහ පනතද සුරැකිය යුතු වීමයි.

    එසේම යම් යුද්ධ හමුදා කඳවුරක් තුල සිදුකරන සියලු කටයුතුවලදීද ඒ ඒ කටයුතු වෙනුවෙන් පනවා තිබෙන අණපනත් වලට අනුව කටයුතු කළ යුතුය. උදාහරණයක් ලෙස යම් හමුදා කඳවුරක් තුල ගස් කපන්නේ නම් ඒ වෙනුවෙන් පනවා තිබෙන පනත්ද, ඇල මාර්ග ඉදිකරන්නේ නම් ඒ සඳහාද රට තුල පනවා තිබෙන පනත් වලට අනුව ක්‍රියා කළ යුතුය.

    එසේම රථ වාහන වල ගමන් කිරීම සඳහා පනවා තිබෙන නීතීන් වලටද අනුව කටයුතු කිරීම මහා මාර්ගය තුල පමණක් නොව හමුදා කඳවුරු තුලදී වුවද සිදු කළ යුතුය.

    තවද යම් හමුදා නිලධාරියෙක්, භටයෙක් අත්අඩංගුවට ගැනීම කළ හැකි නමුත් නඩු විභාගයකින් තොරව සිර අඩස්සියට පත්කළ නොහැක. නමුත් විවෘත සිර අඩස්සියේ තබා පරීක්ෂණ කළ හැකිය. පරීක්ෂණ කිරිමේදී එය කළ යුතු ආකාරයද පැහැදිලිව පෙන්වා දී තිබේ.

    යම් උසස් නිලධාරියෙක් තමන්ට පහළින් සිටින නිලධාරියාගෙන් පලි ගැනීම උදෙසා තම බලය භාවිතා නොකළ යුතුය. එසේම රජය මගින් ලබා දී තිබෙන වරප්‍රසාද කිසිවක් කප්පාදු කිරීමට ද උසස් නිලධාරීන්ට බලයක් නැත.

    ඒ අනුව ගත්විට සහ නීතිය එය වන විට ඒ ආකාරයෙන්ම යුද්ධ හමුදාව තුළ සිදු වන්නේද යන්න අප සොයා බැලුවේ අපට ලැබී තිබෙන විශාල ලිපි ගොනු නිසාය. යුද්ධ හමුදා උසස් නිලධාරීන්ගෙන් පහළ නිලධාරීන්ටද, සමහර නිලධාරීන්ගෙන් භටයන්ටද සිදුව තිබෙන සහ සිදුවන පලිගැනීම්, නීති විරෝධී නොසලකා හැරීම්, අනාගත උසස්වීම් ලබා ගැනීමට නොහැකිවන ලෙස විවිධ පරීක්ෂණ පවත්වා අවවාද කිරීම් ආදිය ද අපට වාර්තා වී තිබේ.

    මේ වන විටද පොල්හේන්ගොඩ යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය තුල භටයන් විශාල ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස රඳවාගෙන තිබෙන බවටද තොරතුරු ලැබී තිබේ.

    එසේම නිලධාරීන් රඳවා තිබෙන බවටද අප මීට පෙර වාර්තා කරන ලදී. බොහෝ භටයන් මානසික හිංසනයන්ට ලක් කරමින් විවිධ ප්‍රකාශ වලට අත්සන් ලබා ගන්නා බවද, ඒවා පලිගැනීම් උදෙසා භාවිතා කරන බවටද තොරතුරු රාශියක් ලැබී තිබේ.

    මේ ආකාරයෙන් පලිගැනීම්, අකටයුතුකම් සිදුවීමෙන් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් සිදු වේ. ඒ ඔවුන් හමුදා නිලධාරීන් සහ භටයන් වන බැවිනි. තමන්ට හමුදාවන් වලදී සිදුවන අකටයුතුකම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග හතරක් ගත හැකිය.

    එසේ කෲර ලෙස සලකන උසස් නිලධාරීන්ට එරෙහිව පොදු නීතිය යටතේ කටයුතු කල හැකිය. එහිදී එම නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කර අපරාධ නඩු පැවරීම, තමන්ට සිදුවන නින්දා සහ අපහාසයට එරෙහිව වන්දි නඩු පැවරීම, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම සහ මුලික අයිතිවාසිකම් නඩු පැවරීම, බලධාරීන්ට එරෙහිව රීටි ආකාරයෙන් නියෝග ලබා ගැනීම ආදියයි.

    ඉන් වඩාත්ම ප්‍රතිඑලදායක වන්නේ පොලිසියට ගොස් පැමිණිලි කිරීම සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමය.ඒ සඳහා කිසිදු මුදලක් වැය නොවන අතර එය තමන්ට ඇති නීතිමය අයිතිවාසිකමකි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සදහා විශ්‍රාමික රණවිරු සංවිධාන දැවැන්ත මෙහෙවරක් සිදුකරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන රජය අවසන් කිරීම සදහා කටයුතු කළේය. ඒ අතරින් වර්තමාන ආරක්ෂක ලේඛම්වරයා ද ඉහළින්ම සිටියේය. එම විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ මෙහෙයුමට රට පුරා සිටි විශ්‍රාමික භටයන්ද එක් විය. ඉන් සිදු වු විනාශය අප තවමත් විදිමින් සිටින්නේය.

    රට පුරා සිටින විශ්‍රාමික භටයන් ද දුක් විදින නමුත් එම මෙහෙයුම දියත් කළ විශ්‍රාමික හමුදා නිලධාරීන් සැපවත් දිවි ගත කරති.

    සැපවත් ජීවිත ගත කිරීම ඔවුන්ට උරුම දෙයක් වුවත්, ඉන් රටට සිදු වු හානිය, විනාශය සුලු පටු නොවන අතර යුද්ධ හමුදාවේ යහපැවැත්මට එය දැවැන්ත හානියක් සිදුකර තිබේ.
    එම හානිය කෙතරම්ද යත් මේවන විටද යුද්ධ හමුදා භටයන්ට මෙන්ම නිලධාරීන්ටද යුද්ධ හමුදාව එපා වී තිබේ.

    විශේෂත්වය වන්නේ එම නිලධාරීන් සහ භටයන් බොහෝ දෙනෙක් රටටත්, යුද්ධ හමුදාවටත් ආදරය කරන විවිධ වරදාන වරප්‍රසාද හෝ උසස්වීම් පසුපස හඹා නොයන අය වීමයි. ඒ අතර සතුටින් සිටින නිලධාරීන් සහ භටයන්ද සිටී.

    යුද්ධ හමුදාව තුල මෙන්ම ගුවන් හමුදාව තුළද පසුගිය කාලය තුල බිඳ වැටීම් සිදු විය. නව ගුවන් හමුදාපතිගේ ආගමනයත් සමග යම් පිබිදීමක් දක්නට ලැබේ. නමුත් ඔහු පිළිබඳව හොද හෝ නරක පෙන්වාදිමට තරම් කාලයක් නැත. බිඳ වැටුණු ආයතන නැවත ගොඩ නැගීමට අවුරුද්දක කාලයක්වත් තිබිය යුතුය.

    එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව තුළින් විවිධ වැරදි, අකටයුතුකම් වාර්තා නොවීමෙන් පෙන්නුම් කරනුයේ එම ආයතනය තුළ සර්ව සාධාරණව කටයුතු සිදුවන බවයි.

    මේ සියල්ල වෙනස් කිරීම සදහා විනාශයන් සිදුකළ ආරක්ෂක අංශ ප්‍රධානීන් ඉවත් නොකර මෙය යථා තත්ත්වයට පත්කළ නොහැක. යුද්ධ හමුදාවේ විනාශයට වගකිව යුතු දේශපාලන විශ්‍රාමික හමුදා නායකයන් හදුනාගෙන වෙනත් ස්වාධීන පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමට මේ වන විට කාලය උදා වී තිබේ.

    දේශපාලනය මත වෙනස්වන ඉහළම ආරක්ෂාව සම්බන්ධ තනතුර වන්නේ ආරක්ෂක ලේඛම් තනතුරය. එතැනින් පහළට බොහෝ තනතරු වෙනස්විය යුතුව තිබෙන්නේ ඒවා මහජන තනතුරු බැවිනි. කෙසේ නමුත් යුද්ධ හමුදාපතිවරයාටද චෝදනා එල්ල නොවීමෙන් පෙනෙන්නේ අප ඉහතින් සඳහන් කළ දේශපාලන පක්ෂ නියෝජනය කරන විශ්‍රාමික තනතුරු රාශියක් සහ ඔවුන් සමග සමීප සබඳකම් තිබෙන ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ හමුදා නිලධාරීන්ට අවශ්‍ය ලෙස නීතිවිරෝධී අණකිරීම් මත යුද්ධ හමුදාවේ පාලනය සිදුවන බවයි.

    බොහෝ දේවල් යුද්ධ හමුදාපතිවරයාගේ පාලනයෙන් බැහැරව සිදුවන බවටද තොරතුරු රාශියක්ද අප සතුව තිබේ.

    ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ පවතින දේශපාලනික පත්වීම් සියල්ල ඉවත්කර, ඒ වෙනුවට ස්වාධීන පුද්ගලයන් පත් නොකලහොත් රටට එරෙහිව දැවැන්ත බලවේග නැගී සිටිනු ඇත.

    අසාධාරණයන් වලට ලක්ව සිටින සහ කලකිරීමට පත්ව සිටින දහස් ගණනක් වන හමුදා නිලධාරීන් සහ පවුල්ද, සිවිල් සංවිධාන ද ජනාධිපතිවරයාට එරෙහිව නැගී සිටිනු ඇත්තේ ප්‍රබල ලෙසිනි.එය එසේ වීමට ඉඩ හැරීමද විශ්‍රාමික දේශපාලනික හමුදා නිලධාරීන්ගේ ඉලක්කයකි.

    එබැවින් මේ වන විට අසාධාරණයට ලක්ව සිටින නිලධාරීන් සහ භටයන් පිළිබඳව විශේෂ විමර්ශනයක් පැවැත්විමට සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතුය. එය සිදු කිරීම සඳහා දැනට සිටින ඉහළම සහ සුදුසුම තනතුර වන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීය. මෙම තනතුර දරණ ශවේන්ද්‍ර සිල්වා මහතා සමග තවත් ස්වාධීන කණ්ඩායමක් යොදා මේ ආකාරයෙන් බිඳ වැටීම්, නැවත නගා සිටීමට අවශ්‍ය විද්‍යාත්මක නිර්දේශ මෙන්ම වැරදි කරන ලද කණ්ඩායම් ද මෙම පරීක්ෂණය තුළට ඇතුලත් විය යුතුය. එසේම අසාධාරණයට ලක් වූවන්ට යුක්තිය ඉටු කිරීමද සිදු විය යුතුමය.

    ඒ අතරේ අප ඉහතින් සදහන් කළ ආරක්ෂක අමාත්‍යාංශයේ සිටින සියලුම දේශපාලන පත්වීම් ඉවත් කිරීමටද සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුකර එය ක්‍රියාත්මක කිරීමෙන් පටු දේශපාලනික විශ්‍රාමික නිලධාරීන්ගේ සැලසුම් ව්‍යර්ථ වනු ඇති.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version