ඊයේ (12) රාත්‍රියේ බේරුවල ප්‍රදේශයේ ඉන්ධනහලක සේවකයින්ට පහර දී දේපල වලට හානි සිදු කළ පුද්ගලයින් පස් දෙනෙකු බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
කිසියම් පුද්ගලයින් පිරිසක් බීමත්ව ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධනහලට පැමිණ ඇති අතර ඔවුන් සතුව කිව් ආර් කේතයන් නොතිබීම නිසා ඉන්ධන හල් සේවකයින් ඔවුන් හට ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ. එම අවස්ථාවේ දී අදාළ සැකකරුවන් විසින් ඉන්ධනහල් සේවකයින්ට මෙලෙස පහර දී ඇති බව සඳහන් වේ.














































