ඖෂධ හිඟය , එන්නත් ගැටලුව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සෞඛ්‍ය වෘත්තීය සමිති පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා ඇති බව වාර්තා වේ.
විපක්ෂ නායකවරයාට පවතින බලතල ප්‍රකාරව මෙම සාකච්ඡාව කැඳවා ඇති බව සඳහන් වේ.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා , වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සහ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති ශානක ධර්මවික්‍රම මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ.













































