ගලේවෙල පොලිසියට ලද තොරතුරකට අනුව ගලේවෙල , දඹවටවන ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ සැකකරුවන් 07 දෙනෙකු කැණීම් උපකරණ ද සමඟින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරුවන් මොරගොල්ල , ගලේවෙල , බිංගිරිය , නිකවැරටිය , දඹුල්ල , බමුණාකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් අද (14) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.














































