සිනොපෙක් එනර්ජි ලංකා සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා ඇති අතර මෙම ගිවිසුම මඟින් සිනොපෙක් එනර්ජි සමාගමට ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදා හැරීම , ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට අවසරය තිබේ.
ඒ අනුව සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීම සහ ආනයන කටයුතු අද (15) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම සිනොපෙක් සමාගම මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 50 ක් ආරම්භ කිරීමට නියමිත බව ද සඳහන් වේ.













































