ඊයේ (16) රාත්‍රියේ ඇලපාත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඇලපාත බලිබත්ගොඩ ප්‍රදේශයේ දී බෑවුමකින් පහළට වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
මරණකරු කරංගොඩ , රත්නපුර ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ඇලපාත පොලිසිය විසින් සිදු කරන බව සඳහන් වේ.