බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ධාවනය වන පෞද්ගලික බස් රථවලට එරෙහිව අද (17) පැවති විරෝධතාවක් අතරතුර මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් චානක්‍ය මහතාට පුද්ගලයෙකු පහරදීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
මෙම විරෝධතාවය මඩකලපුවේ පැවති අතර එහිදී මන්ත්‍රීවරයා පොලිසියේ ද සහය ඇතිව බස් රථවල බලපත්‍ර පරික්ෂා කර ඇති බව සදහන්.
එහිදී මන්ත්‍රීවරයා සිදුකිරීමට ගිය අදහස් දැක්වීමකදී පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට පහරදීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ.
පසුව විරෝධතාකරුවන් ඔවුන් දෙදෙනාට පහරදීමට යෑමත් සමඟ නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.
මෙම උද්ඝෝෂණය මඩකලපුව පෞද්ගලික බස් රථ හිමියන් විසින් සංවිධානය කර තිබූ බවත් ඊට රාජමානික්කම් මන්ත්‍රීවරයාට ආරාධනා කර තිබූ බවත් සදහන්.