තංගල්ල – වීරකැටිය මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් හා එම දෙසටම ධාවනය වූ පාපැදියක් ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරෙන් පාපැදිකරු බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව සදහන්.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක අලුත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මෙම අනතුර පිළිබඳව තලංගම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.