පොලිස් සිර සිරමැදිරියේ සිටි පියාට ජංගම දුරකථනයක් ලබාදීම වැලැක් වූ හෙයින් ඊට උරණ වූ පුතෙකු පොලිස් ස්ථානාධිපතිට පහරදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආරවුලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ රඳවා සිටී පුද්ගලයාගේ පුතා විසින් ජංගම දුරකථනයක් ලබාදීමට යාමේදී එය නිලධාරීන් වළක්වා තිබේ. එයට උරණ වූ පුත්‍රයා පොලිස් ස්ථානයේ තිබූ මුහුණ බලන කණ්නාඩිය ගලවා ස්ථානාධිපතිවරයාට පහර දී ඇති බව සදහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














































