කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ දාරළුව ප්‍රදේශයේ ඉදිකිරීම්වලට අවහිර වූ ශ්‍රී ලංකාවට ආවේනික පඬුකරඳ ගස කෙටි කාලයක් තුළ ඉවත් කළේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළ අතර එම ගස ඉවත් කිරීමට ගත් කැබිනට් මණ්ඩල තීරණය ක්‍රියාත්මක කළ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවය හේතුවෙන් අදාළ පඬුකරඳ ගස කඩිනමින් ඉවත් කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම කැබිනට් මණ්ඩල තීරණයක් ගත් වහාම එය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්‍ෂමතාවය බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කර තිබේ.














































