ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් විරෝධතාවයක් සිදු කළ බව වාර්තා වේ.
අද උදෑසන 09.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙම විරෝධතාවය ආරම්භ වූ බව සදහන්.
තම වැටුප් වැඩි කර ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් සේවකයන් විරෝධතාවයේ නිරත වී තිබේ.
මෙම විරෝධතා ව්‍යාපාරයට ගුවන් තොටුපොළ අන්තර් සමාගම් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ප්‍රගතිශීලී සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ සමගි සේවක සංගමය නියෝජනය කරමින් ඒවායේ සාමාජිකයන් 3,000ක පමණ පිරිසක් එක් ව සිටි බව සදහන්.