ලබන මාසයේ ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දමන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඉදිරි මාස 6 සඳහා ඉන්ධන භාණ්ඩ ප්‍රවාහන සැලැස්ම සහ සැපයුම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සමාලෝචනය කළ බවට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ඉන්ධන ආනයන සැලසුම්, පිරිපහදු මෙහෙයුම්, පිරිපහදු වැඩිදියුණු කිරීමේ යෝජනා, කිව්.ආර් කෝටා, ගබඩා ධාරිතාව, තොග ස්වයංක්‍රීයකරණය, ඉන්ධන පිරවුම්හල් සමඟ ගිවිසුම් සහ බෙදා හැරීම සමාලෝචනය කර සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කරයි.













































