ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘සමින්ඩරි’ නැමැති නෞකාව නිල සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් බව වාර්තා වේ.
මෙම නෞකාව දිවයිනේ තිබෙන කාලසීමාව තුළදී එහි නැව් මුළුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිත බව සදහන්.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක නිරත වීමටද නියමිතය.
නෞකාව මේ මස 29 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව සදහන්.