කුරුඳුමලේ දී හින්දු ආගමික වතාවත් වලට බාධා කළ පිරිස් ගැන අධිකරණය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවන විට ඊට හවුල් වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බවට ජනාධිපතිවරයා දෙමළ දේශපාලන නායකයකුට පොරොන්දු වී ඇති බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට ආගමික ඇදහිලිවලට බාධා කළ බවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා, සිංහලයන් හා ඊට සහාය දැක්වූ පොලිසියට එරෙහිව ගොනු කළ පැමිණිල්ල ඊයේ (20) විභාගයට ගත් අවස්ථාවේදී මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාසා නියම කර ඇත්තේ අදාළ සිද්ධිය ගැන පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තාවක් අගෝස්තු 08 වැනිදාට ඉදිරිපත් කරන ලෙසය.
පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ සාමය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වූ බවයි.
නමුත් සිය ඉන්දීය නිල සංචාරයට පිටත්වීමට පෙරාතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ දෙමළ , ඉස්ලාම් ජනතා විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්ට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඇත්තේ පොලිසියේ බාධා කිරීම් ගැන සම්පුර්ණ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව ” පොංගල් පුජාවට බාධා කරපු නියෝජ්‍ය පොලිස් අධිකාරි සමුද්‍රජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව පියවර ගන්න ජනාධිපතිතුමා පොරොන්දු වුණා,” යැයි PLOTE නායකයා ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම ආගම ඇදහීමේ අයිතිය උල්ලංඝනය කළ බව පවසමින් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන්, බහුජන සංවිධාන ක්‍රියාධරයන්වූ පීටර් ඉලන්චේලියන්, ඇන්ටනි ජයන්තන් සහ රත්නම් ජෙගදීසන් හා මාධ්‍යවේදී විජයරත්නම් සරවනන් විසින් ද වවුනියාවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලයට පැමිණිලි කර ඇති බව වාර්තා වේ .
එම පැමිණිලි පිටපත් උතුරේ සංචාරයක නිරත වූ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් වෙතද භාරදී තිබේ.














































