සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත ලබා දී ඇති බව වාර්තා වේ .
මෙම විශ්වාසභංග යෝජනාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනෙකු අත්සන් තබා ඇති අතර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා විසින් අදාළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාර දී තිබේ.