ඊයේ (21) නෙදුන්කේනි පොලිස් වසමේ පට්ටිකුඩිරිප්පු ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙලෙස වෙඩි තබා ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සදහා රෝහල් ගත කළද රෝහල් ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත් වූ බව සදහන් .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පට්ටිකුඩිරිප්පු , නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකි .
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහුව සොයා විමර්ශන කටයුතු සිදු කරන බව නෙදුන්කේනි පොලිසිය ප්‍රකාශ කරයි.














































