ඊයේ (22) රාත්‍රියේ රත්නපුර, හිඳැල්ලන ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් හේතුවෙන් පහර දීමකට ලක්ව එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ .
කලක පටන් පැවති ඉඩම් ආරවුලක් දුර දිග යාමෙන් ඇති වූ බහින් බස් වීමක් නිසා මෙලෙස තියුණු ආයුධවලින් පහර දී ඇති බව සඳහන් වේ.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා හිඳැල්ලන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙක් වන අතර තුවාල ලැබූවන් අවුරුදු 36 සහ 37 වයස්වල පසුවන්නන් බවත් , ඔවුන් මරණකරුගේ පුත්‍රයන් බවත් වාර්තා වේ .
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙක් සහ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 18 , 48 සහ 65 යන වයස්වල පසුවන්නන් ය. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හදුනාගෙන ඇති බවත් , ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර පොලිසිය විසින් විමර්ශන කටයුතු සිදු කරන බවත් සඳහන් .














































