වවුනියාව තොනිකල් සර්කියුලර් මාර්ගයේ නිවසකට කඩු සහ පොලු රැගෙන අද (23) අලුයම කඩාවැදුණු පිරිසක් වැසියන්ට පහරදී නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තරුණියක මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා වවුනියාව රෝහලට අැතුළත් කළ බව වාර්තා වේ .
උපන්දින සාදයක් අතරතුර මුහුණු අාවරණයකොට කඩු සහ පොලු රැගෙන පැමිණි පිරිස සාදයේ සිටි පිරිසට පහරදී නිවසේ සිරකොට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ සමගම නිවස ගිනිගැනීමකට ලක්ව අැති අතර ගින්නෙන් නිවස අැතුලත සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව සදහන් වේ.
ගින්නත් සමඟ සාදයේ සිටි නවදෙනකු නිවසින් පිටතට පැන දිවිබේරාගෙන ඇති අතර වවුනියාව තෝනිකල්, සර්කියුලර් මාර්ගයෙ පදිංචි ෆාතිමා සම්මා සෆීදීර් (21) තරුණිය පහරදීමෙන් හා ගිනිගැනීමෙන් තුවාල ලබා නිවසතුල ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .














































