අසාර්ථක වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගමේ රුපියල් බිලියන 26ක ආයෝජන සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතා බලහත්කාරයෙන් සිර කරගෙන සිටින බවට වන සාකච්ඡාවක් මාකෝ පෙරේරා මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පවත්වන ලදි.
එහිදී මාකෝ පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ ගෝල්ඩන් කී ආයතනයට සම්බන්ධ වන්දි මුදල කොතලාවලගේ දේපල වලින් අරන් දෙන්න කියා ඉල්ලූ නමුත් මිලියන 8.1.8.9ක් රජයේ ඒකාබද්ධ අරමුදලෙන් ගෙවූ බවයි.
එසේම වික්‍රමරත්න පොලිස්පතිතුමාගේ මස්සිනා සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ලලිත් අමරසිංහ සහ ප්‍රියංජන වන්නිආරච්චි යන දෙපාර්ශවය විසින් කොතලාවලගේ දේපල සහ ඔහුගේ බිරිඳට අයත් ඉඩම් පවා වංචනික ඔප්පු හදාගෙන පවරාගෙන ඇති බවට ප්‍රකාශ කරයි.
එමෙන්ම නීතිඥ සමන් ලියනගේ සහ ඔහුගේ නැගණිය වන නිරෝෂා ප්‍රියදර්ශනී යන අය කොතලාවල මහතා සිරකරගෙන සිටිනා බවත් ඔහුගේ බිරිඳගෙන් හෝ වෙනයම් ඕනෑම පුද්ගලයකුගෙන් දුරකථන ඇමතුමක් ආ විට ඔවුන්ගේ අනුමැතිය නොමැතිව ඔවුන්ට කතා කිරීමට අවස්ථාවක් නොලැබෙන බවත් ප්‍රකාශ කරයි.
එසේම කොතලාවල සහ ගෝල්ඩන් කී අධ්‍යක්ෂකවරුන්ට විරුද්ධව කොළඹ මහාධිකරණයේ අධිචෝදනා යටතේ පැවති නඩුවෙන් සුළු දඩුවමක් ලබාගෙන මොවුන් නඩුව ලිහිල් කරගෙන ඇති බවත් කොතලාවල මහතා විසින් තමා සතු ඉඩම් ලලිත් අමරසිංහ සහ ප්‍රියංජන වන්නිආරච්චි යන අය විසින් බලහත්කාරයෙන් බලහත්කාරකම් කර දේපල ලියාගත් බවට කොළඹ මහාධිකරණයේ නඩුවක් පවරා ඇති බවත් පවසයි.
මෙලෙස කොතලාවල මහතාගේ බිලියන ගණනක වටිනාකමකින් යුත් දේපල ඔහුගේ ව්‍යාපාර වලට අනුව බෙදිය යුත්තේ අසරණභාවයට පත් පුද්ගලයන්ට වුවත් කොහෙවත් නැති පොලිස් නිලධාරින් දෙදෙනෙකුට සහ තවත් කිහිප දෙනෙකු අතර ශේෂ්ඨාධිකරණ නියෝග වලට පටහැනිව දේපල බෙදී යාම සිදු නොවිය යුත්තක් බවට මාකෝ පෙරේරා මහතා අවධාරණය කරයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.














































