සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වූ බව වාර්තා වේ.
ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
තරගය පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාපිටියේදීය.
මෙම තරගය සදහා වේගපන්දු යවන ක්‍රීඩකයින් වන අසිත ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුශංක කැඳවා ඇති අතර මෙය දිල්ශාන් මධුශංක ගේ මංගල ටෙස්ට් තරගය වෙයි.













































