වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ පවතින වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව එම කාර්යාලය දැනට කොල්ලුපිටිය, අනගාරික ධර්මපාල මාවතේ අංක 53 දරණ ස්ථානයේ තාවකාලිකව පවත්වාගෙන යනු ලබන බවත් , එම කොළඹ 10, මරදාන පාර, ටෙක්නිල් හන්දිය, අංක 79 යන ලිපිනයේ පිහිටි ගොඩගිලි පරිශ්‍රයකට ගෙන යෑමට නියමිත බැවින් ජුලි 28 වනදා සිට ජූලි 31 දෙදින තුළ මහජනතාවට සාමාන්‍ය සේවා සැපයීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් එම නිවේදනයෙන් සඳහන් කර තිබේ.
එමෙන්ම හදිසි සේවාවන් මාර්ගගත ක්‍රමයට පවත්වාගෙන යනු ලබන බවත් , ඒ සඳහා පහත විද්‍යුත් ලිපිනයන් භාවිත කරන ලෙසත් එම අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
එම විද්‍යුත් ලිපිනයන් පහතින් ,
http://dgms@sltnet.lk
http://dmsmos@slt.lk
http://shippingooffice@slt.lk
http://visashipping@yahoo.com
http://newcdc2022@yahoo.com
එමෙන්ම වට්ස්ඇප් අංක 070 110 7788 අංකයට කෙටි පණිවුඩයක් යොමුකිරීමෙන් ද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව වාර්තා වේ .













































