යම් යම් පුද්ගලයන් ලබාදුන් තොරතුරු මත බෙම්මුල්ල, මගලගොඩ , හැන්ඩිමහර, දොරනගොඩ, බියගම, කදිරාන සහ මල්වාන ආදී ප්‍රදේශ වලින් විශාල ලෙස වැඩුණු පඬුකරඳ ශාක හතක් හඳුනාගෙන ඇති බව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය අචලා අත්තනායක ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් පසුගියදා පැවැත්වූ වැඩසටහනකදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
වඳවීයෑමේ තර්ජනයට ලක්වීම හේතුවෙන් 2012 වසරේදී රතු දත්ත ලැයිස්තුවට ‘කෘඩියා සෙලනිකා’ ( පඬුකරඳ )ශාකය ඇතුළත් කර තිබෙන අතර ශාක සම්බන්ධ පර්යේෂකයකු වන හිමේෂ් ජයසිංහ විසින් 2019 වර්ෂයේදී ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී එම වර්ගයේ ශාකයක් හඳුනාගෙන තිබිණි. එම ශාකය ඉකුත් ජූලි 10 වැනිදා බැකෝ යන්ත්‍ර යොදාගෙන උගුල්ලා වළදමා ඇති අතර
‘කෘඩියා සෙලනිකා’ ( පඬුකරඳ ) වර්ගයේ එම වැඩුණු ශාක හත පිහිටි ස්ථාන ආශ්‍රිතව තවත් කුඩා ශාක පැළවී තිබෙන ස්ථාන පහක් ද ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කර තිබේ. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් මෙම ශාකයේ පැළ 100ක් පමණ මේ වනවිට බෝකර ඇති අතර ඒවායේ අතුවලින් පැළ ලබා ගැනීමේ හැකියාව පවතින බැවින් ඉදිරියේදී එම අතු වලින් ද පැළ බෝ කරන බව උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් එහිදී සදහන් කර තිබේ .
එමෙන්ම ‘කෘඩියා සෙලනිකා’ (පඬුකරඳ ) මෙරටට පමණක් ආවේණික ශාකයක් වූවත් , ‘කෘඩියා’ ඝනයේ ශාක දකුණු ඇමෙරිකාව හා දකුණු අප්‍රිකාව ආදී රටවල තිබෙන බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ .














































