අතුරුගිරිය පොරේ කනත්ත අසලදී අයිස් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ (24) රාත්‍රියේ අතුරුගිරිය පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක් වන හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (25) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































