නිවසකට ඇතුළු වී නාන කාමරයේ සිටි කාන්තාවකගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම පොලිස් සැරයන්වරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ නිවසේ රාජකාරියේ නිරතව සිටින අතරවාරයේ යාබද ඉඩමකට හොර රහසේ ඇතුළු වී එම ඉඩමේ පිහිටි නිවසේ නාන කාමරයේ සිටි කාන්තාවගේ දර්ශන ජංගම දුරකථනයෙන් වීඩියෝ කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
කාන්තාව මේ බව දැක කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා දුරකථනය පොලිස් භාරයට ගෙන සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.














































