English
සිංහල
18:40 සෙනසුරාදා, ජූලි 4, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක්.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අධික වේගය නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීමට වේග සීමා ප්‍රතිපත්තියක්.

    මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් හසු කර ගැනීමේ වැඩපිළිවෙළක් – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා.

    කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන “ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතය ද හිමිව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය .

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට ” මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ ද පැවසීය,

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව තාක්ෂණයෙන් පරිපූර්ණ සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට මේ වන විට අප අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. ලක්දිව ඉංජිනේරු ආයතනය ඒකල ප්‍රදේශයේ අක්කර 24ක භූමි භාගයක පෞද්ගලික සමාගමක් ලෙස ස්ථාපිත කර තිබෙනවා. මෙහි තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා නොගන්නා නිසා ඒ සඳහා සුදුසු ආයෝජකයෙකු හඳුනාගෙන එහි ඵලදායීතාව ඉහළ නංවා ගැනීමේ අමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.

    ඒ වගේම ආයෝජකයන් සමඟ එක්ව විදුලියෙන් ධාවනය වන බස් රථ සේවාවක් ඇති කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ද අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස බස්රථ 50 ක් යොදාගෙන ” ඊ බස්රථ ” නිර්මාණය කිරීම මේ වන විට සිදු කරමින් පවතිනවා. විදුලියෙන් ධාවනය වන බස් රථ ප්‍රචලිත කිරීම සඳහා එම වැඩපිළිවෙළ ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේ අරමුණයි.

    ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය මගින් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සහ නව බලපත්‍ර ලබාගැනීම සදහා පරීක්ෂණ 847,346ක ප්‍රමාණයක් වසරකට සිදුකරනු ලබනවා. මෙම පරීක්ෂණයට පෙනී සිටින අයගෙන් වසරකට පුද්ගලයන් 58,641ක් පමණ අසමත් වෙනවා. එය රිය අනතුරු වළක්වාගැනීමට විශාල වශයෙන් දායක වන බව කිව යුතුයි.

    ඒ වගේම වෛද්‍ය සහතික ලබා දීමට වසරකට රුපියල් මිලියන 26ක් මුද්‍රණ ගාස්තු වශයෙන් වැය වෙනවා. ඒ නිසා ලබන ජනවාරි පළවෙනිදා සිට එය පරිගණකගත කරමින් වාර්ෂිකව වැය වන රුපියල් මිලියන 26ක මුදල ඉතිරි කර ගැනීමට සැලසුම් කර තිබෙනවා.

    මෝටර් රථ දෙපාර්තමේන්තුව තාක්ෂණය සමඟ මුසු කරමින් සියලුම ගනුදෙනු විද්‍යුත් කාඩ්පත් මගින් සිදු කිරීමට හැකි පරිසරය මේ වනවිට නිර්මාණය කර තිබෙනවා.
    දශක හතක් පමණ පැරණි මෝටර් වාහන පනත සංශෝධනය කර නව පනතක් ඉදිරිපත් කිරීමට ද අමාත්‍යංශය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා කමිටු 13 පත්කර තිබෙනවා. එම සංශෝධිත නව පනත ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

    ඒ වගේම “ඊ මෝටරින්” ව්‍යාපෘතිය මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. වාහනයක් ආනයනය කරන අවස්ථාවේදීම මෙම ව්‍යාපෘතියට ඒ පිළිබඳ දත්ත ඇතුලත් කළ හැකියි. ඉතිහාසයේ වාහන ආනයනය කිරීමේ දී සිදු වූ විවිධ වංචාවන් නිසා එක් වාහනයකින් රුපියල් ලක්ෂ 35 ක බදු මුදලක් රජයට අහිමි වී තිබෙනවා. මෙම”ඊ මෝටරින් “ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් රජයට මෙතෙක් අහිමි වී යන බදු මුදල් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

    ඒ වගේම රිය අනතුරු වළක්වා ගැනීම සඳහා අකුසලතා ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද නියමිතයි. රියදුරන් මහා මාර්ගය තුළ සිදුකරන වැරදි එම අවස්ථාවේදීම හදුනාගෙන දඩ ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒවා නිරීක්ෂණය කිරීම සඳහා නවීන තාක්ෂණික කට්ටල 5000 මේ වන විට දිවයිනට ගෙනවිත් තිබෙනවා. එය ලබන ජනවාරි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    මෝටර් රථ දෙපාර්තමේන්තුව හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඒකාබද්ධව නව වේග සීමා පතිපත්තියක් ඇති කිරීමට ද බලාපොරොත්තු වෙනවා. අධික වේගය නිසා සිදුවන අනතුරු සීග්‍රයෙන් ඉහළ යාම නිසා එම අනතුරු වළක්වා ගැනීම වෙනුවෙන් වේග සීමා ප්‍රතිපත්තියක් මෙලෙස ඉදිරිපත් කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කරමින් පවතිනවා.

    මෙහි නාගරික සීමාව තුළ සහ ග්‍රාමීය සීමාව තුළදී වාහනයක් ධාවනය කළ හැකි උපරිම වේග සීමාව දැක්වෙනවා. කඳුකර වැනි ප්‍රදේශවලට වෙනත් වේග සීමාවක් පැනවීමට ද කටයුතු කරනවා. එම වේග සීමා මාර්ගය තුළ සලකුණු කිරීමට ද ඉදිරියේදී කටයුතු කරනවා. මෙහි නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වන විටත් ක්‍රියාත්මකයි.

    එසේම ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් රියදුරු බලපත්‍ර ලබාදීම පසුගියදා ආරම්භ වුණා. එහි නියමු ව්‍යාපෘතියක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ දී ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුට රියදුරු බලපත්‍ර ලබා දීම සිදු කර තිබෙනවා. ලොව අනෙක් රටවල ශ්‍රවණාබාධිත පුද්ගලයන් සදහා රියදුරු බලපත්‍ර ලබා දීම සිදුවන නමුත් මෙය අපේ රටේ දශක හතරක පමණ කාලයක් ඉල්ලීම්ක්ව පැවති දෙයක්. මේ සඳහා කැබිනට් අනුමැතියක් ලබා ගනිමින් ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහාද රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    මත්ද්‍රව්‍ය භාවිතය රිය අනතුරුවලට තවත් ප්‍රධාන හේතුවක්. මෙතෙක් කල් අපේ රටේ පැවතුනේ මත්පැන් භාවිතා කර වාහනයක් ධාවනය කරන රියදුරන් හසුකර ගැනීම පමණයි. වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන පුද්ගලයන් හසුකර ගැනීමට හැකි තාක්ෂණික කට්ටල පන්දහක් යොදාගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන රියැදුරන් හසුකර ගැනීමේ වැඩ පිළිවෙළක් අප ක්‍රියාත්මක කළා. ඒ අනුව 1781 ක් පරික්ෂා කළ විට 41 ක් මත්පැන් නොවන මත්ද්‍රව්‍ය ලබාගත් පුද්ගලයන් ලෙස හසුකර ගැනීමට හැකි වුණා. මෙයින් 90%කගෙ රියදුරු බලපත්‍රය අහෝසි කිරීම සිදුකළා. මේ සියලූ කටයුතු තුළින් කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් රට තුළ ඇති කිරීම අපේ අරමුණයි.

    ( ජනාධිපති මාධ්‍ය ඒකකය )

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version